විදෙස්ගතව සිට පැමිණි බිරිද සහෝදරයා සමග හොර රහසේ පලා යෑම නිසා සිත් වේදනාවට පත්වූ බව කියන ස්වාමියා වස පානය කිරීමෙන් පසු ඔහුගේ අවුරුදු 12 ක් වයසැති පුතාද වස පානය කිරීම නිසා දෙදෙනාම රෝගාතුර වී හලාවත රෝහලට පෙරේදා ඇතුළත් කර තිබෙනවා.
පියාත් පුතාත් දෙදෙනා මුලින්ම උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.
වසර කිහිපයක් මැදපෙරදිග සේවිකාවක ලෙස සේවය කර අදාළ පුද්ගලයාගේ බිරිද මීට දින කිහිපයකට ඉහත දී උඩප්පුව ප්රදේශයේ පිහිටි නිවෙසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තැනැත්තියගේ විවාහක සැමියාගේ මල්ලීද මෙම නිවසේ ජීවත්ව සිට තිබෙනවා.
විදෙස්ගතව සිට පැමිණි ඇය මෙම දින කිහිපය තුළ විවාහක සැමියාගේ මල්ලී සමග අනියම් ඇසුරක් ගොඩනගාගෙන ඔහු සමග රහසේ නිවසින් පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙයින් සිත් වේදනාවට පත්ව සිටි බව කියන එම තැනැත්තියගේ සැමියා මුලින්ම වස පානය කර තිබෙන අතර පියා වස පානය කරන අයුරු දුටු පුතාද වස පානය කර ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

