Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝග ලක්ෂණ නොපෙන්වා මරණය කැඳවන ‘නිහඬ මාරයා’ ලංකාවේ ජනග්‍රහණයෙන් හතරෙන් එකකට වැළඳෙයි! වෛද්‍යවරුන්ගෙන් ජනතාවට උපදෙස්!

3 years ago

රෝග ලක්ෂණ නොපෙන්වා මරණය කැඳවන සැඟවුණු මාරයෙක් (නිහඬ ඝාතකයා) ලෙස අධි රුධිර පීඩනය මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් වෙලාගෙන තිබෙන බව අධි රුධිර පීඩන පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය උදය රළපනාව මහතා පවසනවා.

යම් පුද්ගලයකුට අධි රුධිර පීඩන තත්ත්වය පැවතිය හොත් පෙනීමේ දුර්වලතා, හෘදයාබාධ, වකුගඩු අකර්මණ්‍ය වීම, පාදවල ලේ ධමනි තදවීම, ආඝාතය හෙවත් අංශභාගය ඇතුළු බරපතළ තත්ත්වයේ රෝගයන්ට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් අනතුරු අඟවන්නේ.

මෑතක සිට ශ්‍රී ලංකාවේ අධි රුධිර පීඩනය ආශ්‍රිත මරණ වැඩි වී ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ හේතුවෙන් හදිසි අනපේක්ෂිත මරණ වළක්වා ගැනීම සඳහා නිතිපතා වෛද්‍ය පරීක්‍ෂාවන්ට ලක්වන ලෙස වෛද්‍යවරුන් විශේෂයෙන් මැදිවියේ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිති.

අධිරුධිර පීඩන රෝග තත්ත්වය පුද්ගලයකුට ඇති බව බොහෝවිට හඳුනාගන්නේ වෙනත් රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා යොමුවන අවස්ථාවේදී බවත් දිගින් දිගටන අධි රුධිර පීඩන තත්ත්වයක් පැවතියහොත් සිරුරේ සෙසු අවයවවලට එහි බලපෑමෙන් හානි වීමේ ඉහළ හැකියාවක් පවතින බව වෛද්‍යවරයා අවධාරණය කරනවා.

තමන්ගේ දෛනික චර්යා රටාව වෙනස් කර ගැනීම මගින් ඕනෑම පුද්ගලයෙකුට අධි රුධිර පීඩන තත්ත්වයෙන් මිදී සාමාන්‍ය නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගත හැකි බවයි වෛද්‍යවරයා පවසන්නෙ.

මෙම රෝග තත්ත්වය කල්තියා හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසයි මහාචාර්යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.