Meta ආයතනය විසින් WhatsApp සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
මෙම නව විශේෂාංගය Channel නමින් නම් කර ඇති අතර, වාර්තාකරණය හරහා පණිවිඩ යැවීමේ ක්‍රමවේදයක් අනුව සකස් කර තිබෙන බවයි පවසන්නේ.
ඒ අනුව Channel හරහා ලබාදෙන පණිවිඩ Update නම් අංගයක් හරහා ලබාගැනීමේ හැකියාව පවතින අතර වර්තමානයේදී පවතින status tab හි නම ඒ අනුව update නමින් වෙනස් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
තමන්ගේ කැමැත්ත අනුව විවිධ Channel නිර්මාණය කර ගැනීම සහ ඒවාට සම්බන්ධ වීමට ද අවස්ථාව ලබාදී තිබේ.
WhatsApp පරිශීලකයින් හට Invite Link එකක් හරහා මෙයට සම්බන්ධ වීමේ හැකියාව හිමිවෙනවා.
මෙහිදී Channel Admin හට Text, Photos, Videos, Stickers, Polls වැනි පණිවිඩ යැවීමේ පහසුකම ලබා දී ඇත.

