Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

3 years ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39කදී ඇඟයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි.

මේ අනුව ජුලි මස 04 වනදා දක්වා නගර 18ක් කේන්ද්‍ර කරගනිමින් එම ඇගයීම් කටයුතු සිදු කිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

එම ඇගයීම් කටයුතු අවසන් වීමෙන් අනතුරුව උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.