මාතර – ඌරුබොක්ක, දොළමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 26 හැවිරිදි ගුරුවරියක ඝාතනය කර තිබෙනවා.
පාසල නිමවී සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී ඊයේ(14) පස්වරුවේ ඇය ඝාතනය කර ඇති බවයි පොලිසීය සදහන් කළේ.
ප්‍රේම සබඳතාවක් නිසා ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති අතර ඝාතනය සිදු කළ බව කියන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවට වාර්තා වෙනවා.

