Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයෙකුගේ වැඩ තහනම් කෙරේ

3 years ago

සිසුවකු ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනා එල්ල වූ රත්නපුර ප්‍රධාන පෙළේ ජාතික පාසලක විදුහල්පතිවරයකුගේ වැඩ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

වැඩ තහනම් කර තිබෙන කාලයේ දී ඔහුට වැටුප් නොගෙවන අතර, එම කාලයේ දී විනය බලධාරියාගේ විධිමත් අවසරයකින් තොරව රටින් බැහැරව යා නොහැකි බව අමාත්‍යාංශයට විදුහල්පතිවරයාට දන්වා ඇත.

එමෙන් ම වැඩ තහනම් කාල සීමාවේ දී පාසල් භූමියට ඇතුළු වීම ද විදුහල්පතිවරයාට සපුරා තහනම්ය.

අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභා අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය මතය. එම කමිටුව අදාළ අනුමැතිය ලබා දී ඇත්තේ අපයෝජන චෝදනාව සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේ අතුරු වාර්තාව සලකා බැලීමෙන් පසුවය.

අදාළ විදුහල්පතිවරයා මෙම චෝදනාවට ලක් වූයේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දීය.