නවක වෛද්‍යවරුන් 406 දෙනෙක් ඉදිරි සති දෙක තුළදී මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
හෙද සේවාව සඳහා ද ඉදිරි මාසයේදී 2,200ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බවද ඔහු කියා සිටියා.
“නව වෛද්‍යවරුන් 406 දෙනෙක් 27 වනිදාට ඉස්සෙල්ලා සෞඛ්‍ය අංශයේ රෝහල්වලට ලබාදෙනවා. ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවාවන් 222කට අලුතින් පත්වීම් ලබාදුන්නා පසුගිය සති කිහිපය තුළ.
ඒ නිසා තිබුන හිඟය යම්කිසි අඩුවක් ප්‍රගතියක් තියෙයි. තවත් 600ක් විතර පුහුණු කරලා ගන්න බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින්. ඉදිරියේ දී විශේෂයෙන්ම හෙද හෙදියන් 2,200කට පත්වීම්දෙන්න බලාපොරොත්තු වෙනවා.
එන මාස එකහමාර තුළ. ඒ ගෙවීම් සඳහා යම්කිසි විදියක ප්‍රතිපාද හොයාගෙන තිබෙනවා.

