Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විමල්ට මහාධිකරණයෙන් නොතීසි

3 years ago

පසුගිය (2010 – 2015) කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කර රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විමල් වීරවංශට එරෙහිව නඩුවක් ගොණුකර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව කැඳවීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයෙන් ඉල්ලිමක් සිදුකල අතර අදාළ නඩුව අද (16) දින කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවෙිය.

එම නඩුව කැදවු අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නේ නඩුව 2017 වසරේ ගොනු කර තිබුනද මේ දක්වා එය විභාගය ආරම්භ කර නොමැති බවත් තම සේවාදායකයාට වෛරස් උණ රෝගයක් වැළදී ඇති බව ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නඩුව කැදවු අවස්ථාවේ සදහන් කරයි.

ඒ අනුව යළිත් මෙම නඩුව එළඹෙන ජුලි මස (17) වැනිදා කැඳවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එදින අධිකරණයේ පෙනී සිටින ලෙසත් ⁣නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා විමල් වීරවංශ වෙත නොතීසි නිකුත් කරන ලෙස ද නියම කර ඇත.