Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔබත් ණය බර නිසා දුක් විඳින අයෙක්ද…මෙන්න ඔබටත් සහනයක් ලබා ගැනීමට අවස්ථාවක!

3 years ago

විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ණය පහසුකම් ලබාගත් පුද්ගලයන්ගෙන් දහසක පමණ පිරිසක් පසුගිය වසරක කාලය තුළ ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුවෙන් උපදේශන සේවා ලබාගෙන තිබෙනවා.

එම පිරිස අතරින් සියයට 75 කට ආසන්න ප්‍රතිශතයක් අවිධිමත් ක්‍රම ඔස්සේ ණය සහ මූල්‍ය පහසුකම් ලබාගත් පුද්ගලයන් බව සඳහන්.

ග්‍රාමීය වශයෙන් ව්‍යාප්ත වී ඇති දේපළ ඇප මත ණය පහසුකම් ලබාදෙන පුද්ගලයන්ගෙන් සහ වැඩි පොලී අනුපාත යටතේ ලියාපදිංචි නොවූ ආයතන මගින් මූල්‍ය පහසුකම් ලබාගත් පුද්ගලයන් ඒ අතර වැඩි වශයෙන් සිටින බව ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දැනට උපදේශනය සඳහා යොමුවූ පිරිසෙන් සියයට 50 ක ප්‍රතිශතයකට සාර්ථක විසදුම් ලබාදී තිබෙනවා.

සෙසු ගැටලු විසදුම් සඳහා අදාළ අංශ සමඟ සම්බන්ධීකරණය කර ඇති බව සඳහන්.

විධිමත් මූල්‍ය ආයතනවලින් ණය ලබාගත් පුද්ගලයන්ට පිළිසරණක් නොලැබුණු විට එම දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකියි.

පසුව අදාළ මූල්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කර ඊට විසදුම් ලබාදීමට ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුව මැදිහත් වනවා.

එමෙන්ම අවිධිමත් ක්‍රම ඔස්සේ ණය ලබාගත් පුද්ගලයන්ටද සිය ගැටලු ඉදිරිපත් කළ හැකි අතර එහිදීද මහබැංකුව නිකුත් කර ඇති නිර්දේශ යටතේ උපරිම මැදිහත් වීම සිදුකරන බව ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර මහබැංකුව යටතේ මූල්‍ය පාරිභෝගික සහන දෙපාර්තමේන්තුව නමින් නව ඒකකයක්ද ස්ථාපිත කර තිබෙනවා.

1935 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීමෙන් ජනතාවට සිය මූල්‍ය ගැටලු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ හැකියි.