ඉතා දුර්ලභ ගණයේ දරු උපතක් ශල්‍යකර්මයකින් සාර්ථකව සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ඊයේ (16) සමත්වී ඇත.
එම 21 හැවිරිදි මව මීට සති කිහිපයකට පෙර ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර ගර්භාෂයෙන් පිට බඩවැල්වලට ඇලුණු වැදෑමහක වීම හේතුවෙන් කොළඹ ද සොයිසා රෝහලට මාරු කර යවා ඇත.
මෙය දුර්ලභ ගණයේ දරු උපතක් වන බැවින් සැත්කම සාර්ථකව සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලට මාරු කළ අතර මවගේ සති 28 ක් වූ කලලය සති 34 ක් දක්වා වර්ධනය වනතුරු දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහලේ නේවාසිකව රඳවාගෙන ඇත.
මව්වරුන් 30,000 කින් එක් අයකුට පමණ මෙවැනි දුර්ලභ කලල පිහිටීමේ සම්භාවිතාවක් පවතින බවත් මවට සහ දරුවාට ප්‍රසූතියකදී විශාල සංකූලතා ඇතිවිය හැකි බවද වෛද්‍යවරුන් සදහන් කරයි.
එම මව සහ බිළිදිය ඉතාමත් හොඳ සෙඛ්‍ය තත්වයේ සාමාන්‍ය වාට්ටුවක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සොයිසා රෝහලේ වෛද්‍යවරුන් සදහන් කරයි.

