Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාරුවීම් මත සේවයට වාර්තා නොකළ ගුරුවරුන්ට වැඩ වරදී

3 years ago

නව ස්ථාන මාරුවීම් හරහා රාජකාරිවලට වාර්තා නොකළ සියලුම ජාතික පාසල් ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට අමාත්‍යාංශ ලේකම් එම්.එන්.රණසිංහ පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් ලබන (19) වනදා සිට සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා බවත් ඔවුන්ගේ වැටුප නැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමටත් අමාත්‍යංශ ලේකම්වරයා පොරොන්දු වූ බව සභාපතිවරයා සදහන් කරයි.

තවද එම ගුරුවරුන් පාසල් වලින් නිදහස් කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබියදීත් මෙතෙක් කලක් රාජකාරිය පැහැරහැර කටයුතු කළ පාසල් විදුහල්පතිවරුන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව කටයුතු කෙරෙන බවද සභාපතිවරයා සදහන් කරයි.