Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය විද්‍යාව උඩු යටිකුරු කරමින් ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කරයි

3 years ago

ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් සමත් වී ඇතැයි ගාර්ඩියන් පුවත් සේවය වාර්තා කරයි.

මෙම කලලය නිර්මාණය කිරීමට හැකිව ඇත්තේ ඩිම්බ සෛල සහ ශුක්‍රාණු සෛල නොමැතිව බවත් මේ කෘත්‍රිම මානව කලලය වෛද්‍ය ඉතිහාසයේ පෙරළිකාර සොයා ගැනීමක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ප්‍රාථමික මට්ටමේ පවතින මේ කෘත්‍රිම කලලයට ස්පන්දනය වන හදවතක් සහ මොළයක් නොමැති නමුත් ජානමය රෝග සහ ගබ්සා වීම්වලට හේතු සොයා ගැනීමට මෙය අනාගතයේදී ඉවහල් වනු ඇති බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

මෙම සොයාගැනීමත් සමග අනාගතයේදී මෙවැනි කෘත්‍රිම මානව කලල නිර්මාණය සහ භාවිත කිරීම සම්බන්ධව නීති රෙගුලාසිවල අවශ්‍යතාවක් මතුවන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.