Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහනගේ නිල රථය අනතුරක! බිරිඳ තුවාල ලබා රෝහල්ගත කරයි!

3 years ago

කොළඹ පිත්තල හන්දියේ දී බීමත් රියැදුරකු සිදුකළ අනතුරකින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ බිරිඳ තුවාල ලබා ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙත නිකුත් කර ඇති පොලිස් මෝටර් රථය පිත්තල හංදියේ දී විදුලි සංඥාවට නවතා තිබියදි බීමත් රියැදුරකු පැදවූ මෝටර් රථයක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ අජිත් රෝහන මහතා සිට නැති බවත් අනෙක් මෝටර් රථයේ රියැදුරු බීමතින් සිට ඇති බවත් පරීක්ෂණ පවත්වන කොම්පඤ්ඤ වීදිය පොලිසිය සඳහන් කරයි.