ඉන්දියාවේ සුපිරි කෝටිපතියෙකු ලෙස සැලකෙන ප්‍රකාශ් නායර් මහතාගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගී වන ලෙස මෙරට දේශපාලන ප්‍රබලයන් සහ ව්‍යාපාරිකයන් රැසකට ආරාධනා කර ඇති බව වාර්තා වනවා.
ලබන අගෝස්තු මසදී පැවැත්වෙන මෙම විවාහ මංගල්‍යය ඉන්දියාවේ කොචින්හි පිහිටි ෂෙරටන් හෝටලයේ පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාටත්, ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාටත්, බැසිල් රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.
විවාහ උත්සවයට ආරාධනා කර ඇති සියළු ආරාධිතයන්ට ඉන්දියාවට පැමිණීම සඳහා පළමු පන්තියේ ගුවන් ටිකට් පත් ලබාදීමට නායර් මහතා සැලසුම් කර තිබෙනවා.

