Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සීනිගමදී හිටපු මන්ත්‍රීන්ට වෙඩි ප්‍රහාරයක්

3 years ago

මීටයාගොඩ පොලිස් බල ප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේ දී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩි තබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අද (17) පෙරවරුවේ සීනිගම දේවාලය ආසන්නයේ දී ඔහුට අයත් කැබ් රථයේ සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

වෙඩි ප්‍රහාර මධ්‍යයේම ප්‍රාදේශීය දේශපාලනඥයා හික්කඩුව පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර පසුව හික්කඩුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ සමඟි ජන බලවේගයේ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.