Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

A4 කොළයක් නොගෙනාවට උරණ වූ විදුහල්පති 04 වසරේ සිසුවාට රෝහල් ගතවෙන්න පහර දීලා

3 years ago

මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් එම පාසලේ සිව්වන වසරේ ඉගෙනු ලබන සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවා රෝහල්ගත කර ඇත.

ඉකුත් 15 වනදා අදාළ පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

සිසුවාට A4 කොළයක් රැගෙන එන ලෙස දන්වා තිබුණ ද ඔහු එය රැගෙන නොඒම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් සිසුවාගේ පිට ප්‍රදේශයට පහරදී ඇති බව අනාවරණය වෙයි.

පසුව සිසුවා නිවසට ගිය පසු එකවරම වමනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දරුවාගෙන් ප්‍රශ්න කර තිබුණි.

එහිදී සිසුවා, තමන්ට විදුහල්පතිවරයා කළ පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන්ට පවසා තිබේ.

ඉන් අනතරුව දෙමාපියන් විසින් සිසුවාට අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට සිසුවා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුරුව දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් බංගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකාර විදුහල්පතිවරයාව පෙරේදා (16) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඊයේ  (17) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.