Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

3 years ago

ආයතන කිහිපයක සේවා, අත්‍යාවශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ඔහුට පැවරී ඇති බලතලවලට අනුවයි.

මෙම ගැසට් නිවේදනය ඊයේ (17) දින සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් නඩත්තු කිරීම සහ පිළිගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක් සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය, රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙන් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්ගේ රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා.