Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

WhatsApp වෙතින් ඔබට නව අත්දැකීමක්! එකම WhatsApp app එක වෙත WhatsApp ගිණුම් කිහිපයක් සම්බන්ධ කිරීමේ හැකියාව!

3 years ago

වර්තමානයේ බොහෝ දෙනෙකුට WhatsApp ගිණුම් 2ක් භාවිතා කිරීමට අවශ්‍ය වූවිට WhatsApp Business App එක හෝ සමහර Smartphone වල ඇති Dual Messaging පහසුකම ඔස්සේ WhatsApp යෙදවුම් 2ක් භාවිතා කරනු ලබනවා. කෙසේවෙතත් හඳුන්වා දීමට නියමිත මේ නව පහසුකම ඔස්සේ ඔබට එකම WhatsApp යෙදවුම තුළ WhatsApp ගිණුම් 2ක් හෝ කිහිපයක් භාවිතා කිරීමට හැකි වනවා.

ඉහත Screenshot එකේ දැක්වෙන පරිදි WhatsApp Settings වෙත ගිය විට මෙලෙස ඔබේ Account එකට අමතරව තවත් Account එකක් එකතු කිරීමට Prompt එකක් දිස්වනවා. එලෙස Account එක Add කිරීමෙන් පසු එම Account හරහා මාරු වීමද ඒ හරහාම සිදු කළ හැකිවනවා.

තවද මෙසේ එකතු කරන Accounts එකම වර්ගයේ ගිණුම් විය යුතු නොවන අතර ඔබට සාමාන්‍ය WhatsApp Accounts මෙන්ම Business Accountsද මෙසේ එකතු කර ගත හැකි වනවා.

තවමත් මේ පහසුකම ලබා දී ඇත්තේ තෝරාගත් Beta පරිශීලකයන් කිහිප දෙනෙකුට පමණක් වන අතර නුදුරේදීම මෙහි Public Release එකක් අපට බලාපොරොත්තු විය හැකියි.
(source – Android Wedakarayo)