සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව තවදුරටත් ඉහළගොස් ඇති බැවින් ස්වභාවික සම ආරක්ෂා කරගෙන නිරෝගිව පවත්වාගෙන යාම වැදගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ආකල්පමය ගැටලු හේතුවෙන් සම සුදුකිරීම සඳහා කාන්තාවන් භාවිත කරන අලේපන කිසිදු සොයා බැලීමකින් තොරව භාවිත කිරීමට පෙළඹී ඇති බවද චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සෞඛ්‍ය කාර්යාංශයේ පැවති (14) මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.
කාන්තාවන් ලස්සනයි, සුදුයි කියන මිත්‍යාවට සහ උන්මාදයට පත්වෙලා කිසිදු අනුමැතියක් නොමැති ආලේපන භාවිතා කිරීමට පුරුදු වී සිටින බවද චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සදහන් කළේය.
චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට තවදුරටත් සදහන් කළේ,
” අන්තර්ජාලයට ගිහින් බැලුවොත් මෙන්න මේ ආලේපනය විකුණනවා කියලා කිව්වොත් ඒකට යටින් තියෙන කමෙන්ට්වල මම දැකලා තියෙන්නේ, එකම දේ තමා කොච්චර ඉක්මනට සුදුවෙනවා ද.? ගාණ කීයද.? කිසිම කෙනෙක් අහන්නේ නෑ මේකේ මොනවාද තියෙන්නේ කියලා.
කිසිම කෙනෙක් අහන්නේ නෑ මේක ආරක්ෂිත ද.? මේක රෙජිස්ටර් කරලා ද.? අනුමැතියක් ලැබිලා තියෙනවා ද කියලා. ඒ වගේ දෙයක් ඇහුවත් අහන්නේ අපි වගේ අය. ඔන්න ඔතැන තමා තියෙන්නේ ගැටලුව.
ලස්සන කියලා කියන්නේ සුදුයි කියන මිත්‍යාවට, ඒ උන්මාදයට අපි පත්වෙලා තියෙනවා. ඒක එන්න එන්න වැඩිවුණා. හිමින් සුදුවෙන්නත් බෑ. ගොඩක් සුදුවෙනවා නම් වඩා හොඳයි. ඒ තරම් කැමැත්තෙන් ඉන්නේ. අපි කෙනෙක්ට දෙයක් නිර්දේශ කරද්දි අපි සුදු කරන්න යන්නේ නෑ.”

