Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල සංශෝධනය වන දිනය වෙනස් කරයි

3 years ago

ප්‍රමාණවත් පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් පවතින බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසනවා.

ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් මෙටිරක් ටොන් 570ක් මිලදී ගත් බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

නමුත් සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බවට ඛණිජ තෙල් බෙදුම්කරුවන් විසින් ඊයේ දිනයේ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

මේ අතර ඉන්ධන මිල සංශෝධනය කරන දිනයද වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර සෑම මාසයකම පළමුවනදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් අවසන් වරට සිදුකළ මිල සංශෝධනයේදී දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් දක්නට ලැබුණේ ඇතැම් පිරවුම්හල් විසින් ප්‍රමාණවත් පරිදි තෙල් තොග  නොපවත්වා ගැනීම හේතුවෙන්.

ඊට හේතුවූයේ ඉන්ධන මිල සංශෝධනය කරන බැවින් පිරවුම්හල් හිමියන් විසින් ඇණවුම් නොකිරීමයි.