Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ ආයතන දෙකක වැටුප් ගෙවීමට රජයේ ඉඩමක් බිලියන 10කට විකිණීමට සැරසෙයි

3 years ago

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් රුපියල් බිලියන දහයකට විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබෙන බවට වාර්තා වෙනවා.

සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන මහතා කියා සිටියේ ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකර අධිකාරියේ සේවක වැටුප්, හිග වැටුප් සහ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට යාබදව පිහිටි ඉහළ වටිනාකමක් සහිත අක්කර 17 කට වැඩි භූමි ප්‍රදේශයක් මෙසේ විකුණා දැමීමට තීරණය කර ඇති සඳහන්.

යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ගේ මැයි මාසයේ වැටුපෙන් ගෙවා ඇත්තේ රුපියල් දහසක් පමණක් බවත් මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඩපණව පැවතීම නිසා ඉංජිනේරු සංස්ථාවට ද ලැබිය යුතු ආදායම් මාර්ග අහිමි වී තිබෙන බවත් සභාපතිවරයා පවසනවා.

එම සංස්ථාව සහ යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ට මාසික වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් වී ඇති බවද ඔහු සඳහන් කළා.