බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට අවසර ලබාදී තිබෙනවා.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි.
මෙම වැඩපිළිවෙල සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බවද සඳහන්.
ඩෙංගු සහ කොරෝනා මර්දනයට විශේෂඥ කමිටුවේදී රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වසරේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50කට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

