ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්විණි.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟයි.
එම තරගයෙන් ලකුණු 175ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, සධීර සමරවික්‍රම ලකුණු 73 ක්, පැතුම් නිස්සංක ලකුණු 57 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම වෙනුවෙන් Ali Naseer කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට පන්දුවාර 38 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 180 ක් පමණයි.
පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු 6 ක් දවා ගැනීමට සමත් විය.
එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්ඳු යැවීන ලෙසින් වාර්තා පොත් අතරට එක් විය.

