Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන මස සිට ප්‍රදේශ කිහිපයකට සාමාන්‍ය විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් බිල්පත්! විද්‍යුත් බිල්පත ලබා ගැනීමට register වෙන ආකාරය මෙන්න!

3 years ago

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රදේශ තුනක් සඳහා විද්‍යුත් බිල්පත් ලබා දීම ජූලි මාසයේදී දියත් කරන බව පවසනවා.

ඒ අනුව දෙහිවල, කැලණිය සහ ජයවර්ධනපුර ප්‍රදේශවලට 2023 ජූලි 01 වැනිදා සිට විද්‍යුත් බිල්පත් නිකුත් කරන බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.

විදුලි බිල්පත් ලබා ගැනීම සඳහා කෙටි පණිවුඩ හෝ විද්‍යුත් තැපෑලෙන් ලියාපදිංචි වන ලෙස  එම ප්‍රදේශ වල ජනතාවට එමඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

කෙටි පණිවුඩ මගින් විදුලි බිල්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිස් REG <හිස්තැනක්> A/C අංකය ටයිප් කර 1987 ට SMS පණිවිඩයක් යොමු කරන ලෙස දැනුම්දෙනවා.

එමෙන්ම විද්‍යුත් තැපෑලෙන් ලියාපදිංචි වීමට කැමති පාරිභෝගිකයින්ට www.ebill.ceb.lk වෙත පිවිසීමෙන් එය සිදු කළ හැකියි.