දිනෙන් දින රිය අනතුරු ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් නීති රීති උල්ලංඝණය කරන රියදුරන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වේයන්ගොඩ පෞද්ගලික රියදුරු පාසලක නිරීක්ෂණයකට එක්වෙමින්.
“දැනට සිදුවෙන පරීක්ෂණවලට අමතරව නවීන තාක්ෂණය භාවිත කරලා රියදුරන්ගේ සෞඛ්‍ය සහ මානසික මට්ටම මැන බැලීමේ ක්‍රමවේදයක් තමයි අපි කටයුතු කරලා තිබෙන්නේ.
විශේෂයෙන් තවදුරටත් දඩ මුදල් වැඩිකිරීම පිළිබඳව අවධානය යොමුවෙලා තිබෙනවා. දඬුවම් වැඩිකිරීම පිළිබඳවත් අවධානය යොමුකරලා තිබෙනවා.”

