මේ වන විට පවතින පාලන මිලටත් වඩා අඩු මිලකට ඉදිරියේදී සහල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට බාරගන්න අවස්ථාවේ තිබුණු සහල් මිල හා මේ වන විට තිබෙන සහල් මිල අතර විශාල වෙනසක් තිබෙන බව කී අමාත්‍යවරයා මේ වන විට සුදු කැකුළු කිලෝවක් රුපියල් 125 ත් 130ත් අතර මිලදී ගැනීමට අවස්ථාව තිබෙන බව පැවසීය.
ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ ඊයේ (21) පැවති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව පැවසීය.

