බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් කොන්දොස්තරවරුන් මුදල් වංචා කරන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බස් රථ කොන්දොස්තරවරුන් නොමැතිව ප්‍රදේශ හතරකට ධාවනය ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගාල්ල, මාතර, ඇඹිලිපිටිය සහ තංගල්ල දක්වා ගමන් ගන්නා බස් රථ කොන්දොස්තරවරුන් නොමැතිව ගමන් කරනු ලබනවා.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී බස් රථය පිටවීමට ප්‍රථම කොන්දොස්තරවරුන් විසින් බස් ටිකට්පත් නිකුත් කරනු ලබන අතර ඉන් අනතුරුව බස් රථය රියදුරෙකු සමඟ පමණක් පිටත් වනු ඇත.
කොන්දොස්තරවරු නොමැතිව එලෙස ධාවනය කළ පළමු දිනයේම ශ්‍රී ලංගමට අයත් රුහුණු බස් සමාගමේ අධිවේගී මාර්ග බස් රථ ආදායම අන් දිනවලට වඩා රුපියල් ලක්ෂ 10 කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙනවා.
කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවයි.

