Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් පිරිසකට වාහන ආනයන බලපත්‍ර ලබාදීමට තීරණයක්

3 years ago

විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර අන්තර්ජාලය හරහා විදේශ මුදල් උපයන පුද්ගලයන්ටද ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.

ඉදිරියේදී එම පුද්ගලයින්ට විද්‍යුත් වාහන ආනයන බලපත‍්‍ර ලබා දීම සදහා වන මූලික අනුමැතිය ද මේ වන විටත් ලැබී ඇති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.

“ස්ථාවර රටකට සැවොම එක මඟකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර (20) මේ බව සදහන් කරයි.

තවද ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදාගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.

එමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුවන අනවශ්‍ය අතපෙවීම් වළක්වා ගැනීමට සහ නීතිවිරෝධී ක්‍රියා නතර කිරීමටද හැකියාව ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය මේ සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.