Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගැබිණි මව්වරුන්ට හා කුඩා දරුවන් ඇති මව්වරුන්ට දැනුම්දීමක්

3 years ago

මවු කුස සිටින බිළිඳකුට වුව ක්ෂය රෝගය වැළදීමේ අවධානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය ඇතිවීම වළක්වා ගැනිමට අවශ්‍ය වෛද්‍ය පහසුකම් දිවයින පුරා සියලු රෝහල්වල ඇති බවය.

ක්ෂය රෝගය හඳුනා නොගැනීමේ තත්ත්වය මත දරුවන්ට ජිවිත අවධානමක් පවා ඇති විය හැකි බව ඔහු මෙහිදි අවධාරණය කළේය.

මෙරටින් වාර්තා වන ක්ෂය රෝගීන් අතරින් ළමා ක්ෂය රෝගීන් ප්‍රතිශතය සියයට තුනක (3%) පමණ අගයක් ගන්නා බව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මෙහිදි ප්‍රකාශ කළේය

අවුරුදු පහට අඩු දරුවකුට යම් හෙයිකින් ක්ෂය රෝගය වැළදි ප්‍රතිකාර නොගෙන සිටින්නේනම් මොළයේ උණ තත්ත්වය සැදි දිවි අහිමි විමේ අවධානමක් ඇති බවත් ඔහු මෙහි දි පෙන්වා දුන්නේය .

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග ඇති සියලු දරුවන් සඳහා සදුදා ,බදාදා සහ සිකුරාදා යන දිනවලදි සායන පැවැත්වෙයි.

එසේම වසරකට මෙරට පුද්ගලයින් හයසියදෙනකු පමණ ක්ෂය රෝගය වැළදිමෙන් මිය යන අතර සෑම ක්ෂය රෝගින් දහදෙනෙකුගෙන් එක් අයකු මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදි සඳහන් කළාය.

සති දෙදකට වැඩි කාලයක් කැස්ස ,හුස්ම ගැනිමට අපහසු විම කැස්ස සමග රුධිර වහනය විම ,ශරිරය අධික ලෙස කෘෂ විමේ ආදී රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.