ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තවදුරටත් නොලැබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ගැටලුකාරි තත්ත්වයකට පත්ව ඇති නිර්වින්දන ඖෂධය කිසිදු අවස්ථාවක ළමයින් සදහා භාවිත නොකළ බවයි.
එම ඖෂධය වැඩිහිටියන් සදහා පමණක් භාවිත කරන බවයි ඔහු පවසා සිටියේ.
පේරාදෙණිය බණ්ඩාරනායක ශික්ෂණ ළමා රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකළ ශල්‍යකර්ම අතරතුර නිර්වින්දනය කිරීම සදහා ලබාදුන් ඖෂධ හෝ එහි උපකරණවල පවතින ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බවට විවිධ වාර්තා පළ විය.

