Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද! දුෂ්මන්ත චමීරට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අහිමි වන ලකුණු!

3 years ago

ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද (23) පැවැත්වෙනවා.

ඒ, බුලවායෝ හිදී.

ශ්‍රී ලංකා හිටපු නායක දුලිප් මෙන්ඩිස් ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාවේ පළමු තරගය සඳහා විවේක ගන්වා සිටි දුෂ්මන්ත චමීර උරහිසේ වේදනාවෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති බවයි වාර්තා වන්නේ.

දුෂ්මන්ත චමීර ආබාධයෙන් පූර්ණ සුවය ලැබීමට අපොහොසත් වුවහොත් ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට එක් කර ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.