Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුවිශේෂි හපන්කම් හමුවේ ඕමානය අන්ත අසරණ වෙයි

3 years ago

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන  තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ  ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා ඕමාන කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඕමාන කණ්ඩායමට පන්දුවාර 30.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 98 ක් පමණයි.

පළමු කඩුලු 4 ලකුණු 20 ක් තුළ දවා ගැනීමට ලහිරු කුමාර හා කසුන් රාජිත සමත් වූ අතර අනතුරුව Jatinder Singh හා Ayaan Khan 5 වැනි කඩුල්ල සදහා ලකුණු 52 (64) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් විය.

එම සබඳතාවය බිඳ දැමීමට සමත් වූ වනිදු හසරංග Jatinder ලකුණු 21 කට දවා ගැනීමට සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Ayaan Khan පන්දු 60 කින් ලකුණු 41 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

වනිදු හසරංග මෙම තරගයේ දී ලකුණු 13 කට කඩුලු 5 ක් බිද හෙලුවා. ලහිරු කුමාර ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 17ක් ලබා දෙමිනි.