මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළ පෙළේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරණයක් නොපවත්වා ජනමත විචාරණයක් පැවැත්වීමෙන් රජයට මුදල් ද විශාල වශයෙන් ඉතුරු කර ගැනීමට හැකි වනු ඇති බවද එහිදී මූලික අදහසක් වී ඇත.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්රධානින් කිහිප දෙනකු අතරම සාකච්ඡාවක් පවත්වා තිබේ.
ලබන වසරේ නොවැම්බර් මාසයේදී ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ ධූර කාලය අවසන් වීමට නියමිතය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතාද අවස්ථා කීපයකදීම කියා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට තවත් ධුර කාලයක් රට පාලනය කිරීම සඳහා ජනතාව අවස්ථාවක් ලබා දිය යුතු බවයි.
ඒ සඳහා ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවද හෙතෙම කියා සිටියේය.

