ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ලබන 28 වනදා පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉදිරි දින කිහිපයේ කොළඹින් පිටතට යාමෙන් සහ විදෙස් ගමන් වලින් වලකින ලෙස ද දැනුම් දී ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

