ශ්‍රී ලංකාවට රටවල් 41කින් රැකියා බලපත්‍ර ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ මේ වසරේ ලංකාවේ ශ්‍රමිකයන් ලක්ෂ 3කට අධික ගණනක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම රැකියා බලපත්‍ර සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ දී වෘත්තීය කුසලතා සහ භාෂා හැකියාව යන අවශ්‍යතා සම්පුර්ණ කරන පුද්ගලයන්ට අවස්ථාව හිමිවන බවද ඒ මහතා සඳහන් කළා.
නිපුණතාව සහ භාෂා කුසලතාව වර්ධනය කර ශ්‍රී ලාංකිකයන් විදේශගත කිරීමට විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

