Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාව ඇතුළු රටවල් තුනකට අනතුරු ඇඟවීමක්!

3 years ago

දිගින් දිගටම කල් ඇදෙමින් පවතින, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල සාකච්ඡා ඉක්මනින්ම අවසානයක් කරා ළගා නොවුණහොත් ලංකාව, ඝාණාව සහ සම්බියාව යන රටවල, ළදරු මරණ අනුපාත ඉහළ ගොස්, ආයු අපේෂාව පහත වැටෙනු ඇතැයි, පර්යේෂකයෝ පවසති.

වසර තුනක් ඇතුළත, ණය ප්‍රතිව්‍යුහගත කරණය කර ගනිමින්, බංකොළොත් භාවයෙන් යථා තත්ත්වයට පත් වීමට සමත් වූ රටවල ළදරු මරණ අනුපාතය, බංකොලොත් භාවයට ඇද වැටීමට පෙර එම රටවල තිබුණු ළදරු අනුපාතය හා සසදා බැලීමේ දී 2.2% කින් ඉහළ ගොස් ඇති බව, අදාල පර්යේෂකයෝ පවසති.

බංකොලොත් භාවය වසර තුනකට වඩා වැඩි කාලයක් ඇදී ගොස්, ආර්ථිකය නැවත යතා තත්ත්වයට පත්වීම සදහා දශකයකට ආසන්න කාලයක් ගත වූ රටවල ළදරු මරණ අනුපාතිකය, එකී පර්යේෂකයන්ට අනුව 11.4% වැනි ඉහළ අගයක පවසති. එමෙන්ම එවැනි රටවල ආයු අපේක්ෂාවද පහත වැටෙන බව ඔවුන්ගේ නිරීක්ෂණය වී තිබේ.