Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ අධිනීතිඥවරියකට පිහි ප්‍රහාරයක්

3 years ago

පානදුර ප්‍රදේශයේදී රජයේ අධිනීතිඥවරියකට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

එසේ පහරදී ඇත්තේ ඊයේ (23) එම නීතිඥවරියගේ පානදුර ප්‍රදේශයේ පිහිටි නිවස අසලදීය.

මෙම පහරදීම සිදුකර ඇත්තේ‍ රජයේ අධිනීතිඥවරිය සමග කලක පටන් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය හිටපු හමුදා සෙබළෙකු බව වාර්තා වෙනවා.

මෑතක සිට ඇය ඔහු මඟහැර යෑම පහරදීමට හේතුවී ඇති බව පොලීසිය පවසනවා.

පහරදීමට උත්සාහ කිරීමත් සමග එම කාන්තාව දුම්රිය ස්ථානය දෙසට දිව ගොස් ඇති අතර එම කාන්තාවට පිහි පහර තුනක් පමණ එල්ලවී තිබෙනවා.

ඉන් ඇය සුළු තුවාල ලබා තිබෙන අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි රථවාහන අංශ නිලධාරියෙක්ද සුළු කැපුම් තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙනවා.