තම සමීපතමයින් මියගිය පසුව වුවත් ඔවුන්ගේ මතකයන් සමග ජිවත්වීමට ඇත්නම් එය බොහෝ දෙනාට අස්වැසිල්ලක් බව නොඅනුමානයි.
ඒ සඳහා උපකාරී වන සිහිවටන පලඳනා නිෂ්පාදනය කරන ආයතනක් පිළිවඳව කටුනායක ආයෝජන ප්රවර්ධන කලාපයෙන් තොරතුරු වාර්තා වනවා.
එම කර්මාන්තශාලාවෙන් වසරකට ඩොලර් මිලියන එකහාමාරක විදේශ විනිමයක් මෙරටට ලබා දෙන බවයි ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය පවසන්නේ
තම සමීපතමයින් මියගිය පසු ඔවුන්ගේ භෂ්මාවශේෂ සිහිවටනයක් ලෙස ළගින්ම තබා ගැනීම අපට නුහුරු අත්දැකිමක් වුවත් යුරෝපා ජාතිකයින් බොහෝ දෙනෙකු ඊට ප්රිය කරනවා.
එලෙස භෂ්මාවශේෂ තැන්පත් කරන ලද සිහිවටන සහ පලඳනා භාවිතා කිරීමටයි ඔවුන් පුරුදු ව සිටින්නේ.
එලෙස මානව භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ආභරණ මෙන්ම සිහිවටන නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් කටුනායක ආයෝජන ප්රවර්ධන කලාපයේ පිහිටා තිබෙනවා.
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ සිය ව්යාපාරික කටයුතු පවත්වාගෙන යන RKS නම් අදාළ කර්මාන්තශාලාව රන් සහ රිදී ස්වර්ණාභරණ හා සිහිවටන නිපදවන අතර සිය නිෂ්පාදන කටයුතු සඳහා නැනෝ තාක්ෂණයද භාවිත කරන බවයි එම සමාගම සඳහන් කළේ.
මෙමගින් වසරක් තුළදී අමෙරිකානු ඩොලර් මිලියන එකහාමාරක පමණ විදේශ විනිමය ප්රමාණයක් මෙරටට හිමිවන අතර කර්මාන්තශාලාව තුළ ශ්රී ලාංකික සේවකයින් විශාල පිරිසක්ද සේවය කරනවා.

