ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුව යැවීමට තීරණය කළා.
ඉතා දක්ෂ පිති හරඹයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 40කදී කඩුලු හතරක් දැවී ලකණු 247ක් ලබා සිටිනවා.
මෙහි විශේෂත්වය වන්නේ දිමුත් කරුණාරත්න ඉතා දක්ෂ පිති හරඹයක නිරත වෙමින් පන්දු 100කදී ලකුණු 100ක් ලබා ගැනීමයි.
මෙය ඔහුගේ පළමු එක්දින ශතකය ද වනවා.
ඔහු පන්දු 103කදී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය.
එමෙන්ම මෙම ශතකය වාර්තා වූයේ 2017 වසරෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ආසියාවෙන් පිටතදී රැස් කළ පළමු එක්දින ශතකය ලෙසයි.

