Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අජිත් රෝහණ, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් ජ්‍යෙෂ්ඨයන්ගේ සිහින යළිත් බොඳවන ලකුණු

3 years ago

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මෙම වසරේ පසුගිය මාර්තු මස (26) වනදා විශ්‍රාම යෑමට නියමිතව සිටියද රජය විසින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේය.

ඒ අනුව වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා කාලය අද (26) දිනයෙන් අවසන් වීමට නියමිත වුවද ඔහුට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදෙනු ඇති බව වාර්තා වේ.

නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කිසිඳු නාමයක් ජනපතිවරයා විසින් තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා නොකිරීම නිසා වර්තමාන පොලිස්පතිවරයා යලිත් වරක් සේවා දිගුවක් ලැබීමට ඉඩකඩ පවතින බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ගැනීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.