දිමුත් කරුණාරත්නගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකය හා යළිත් කඩුලු 5 ක් දවා ගනිමින් වනිදු හසරංග දැක් වූ සුපිරි පන්දු යැවීම හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් තුන්වන තරගයේදී අයර්ලන්තය පරදා ලකුණු 133 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස්කිරීමට සමත් විය.
ලකුණු 326ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය මීට මොහොතකට පෙර පන්දුවාර 31 කදී සියලුදෙනා දැවි රැස්කරගනු ලැබුවේ ලකුණු 192ක් පමණි.
පන්දු යැවීමේ දී අයර්ලන්ත ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළ වනිදු හසරංග විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 79 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය.
එය ඔහු අඛන්ඩව කඩුලු 5 ක් හෝ ඊට වැඩි කඩුළු සංඛ්‍යාවක් දවා ගත්(පළමු තරගයේ දී කඩුලු 6ක්) තෙවැනි අවස්ථාව වීම විශේෂත්වයක්.
ඒ අනුව වකාර් යුනිස් විසින් 1990 දී පිට පිට තරග තුනකදී කඩුළු 5 බැගින් දවා ගනිමින් තබා තිබූ වාර්තාව සම කිරීමට වනිදු සමත් විය.

