ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (28) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වෙනු ඇත.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම හෙට (28) කැබිනට් මණ්ඩලයටත්, සිකුරාදා (30) රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවටත් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම එය සෙනසුරාදා සහ ඉරිදා එනම් ජූලි 1 සහ 2 යන දිනවල දී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

