දිවයින පුරා සිසුන් 100ට අඩු පාසල් 200ක් වසා දැමීමේ අරමුණින් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතිය හරහා මෙය ක්‍රියාත්මක කර ඇති බවයි හෙතෙම පවසන්නේ.
පසුගිය වසර තුන තුළ සිසුන් 100ට අඩු පාසල් 300ක් පමණ දැනටමත් වසා දැමීම සිදු කර ඇත්තේ මෙම වැඩසටහනේ කොටසක් ලෙස බවයි ඔහු සඳහන් කරන්නේ.

