Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අභිරහස් ලෙස මිය ගිය පෙර පාසල් දැරියකගේ මළ සිරුරක් පාළු නිවසකින් හමු වෙයි

3 years ago

සීදූව රද්දොළුගම සාම මාවත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබී වයස අවුරුදු 04ක දැරියකගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

එම ස්ථානයේදීම ගෙල වැලලාගෙන මියගොස් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් ද හමු වූ බව පොලීසිය පවසනවා.

ගෙල වැලලාගත් පුද්ගලයා මියගිය දැරියගේ පියාගේ සොහොයුරෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, දැරිය මියගිය ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බවයා වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ(26) දැරිය පෙර පාසලේ සිට කැඳවාගෙන යන අතරතුර මෙම සිද්ධියට මුහුණ පා ඇති බවට සැක කෙරෙන බවයි

දැරිය පෙර පාසලට රැගෙන යාම සහ කැඳවාගෙන ඒම දිවි නසාගත් පියාගේ බාල සොහොයුරා විසින් සිදුකරන බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

දැරියගේ මව ඇඟළුම් කර්මාන්තශාලාවක සේවය කරන අතර, පියා කුලීකරුවෙකු ලෙස කටයුතු කරනවා.