Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අස්වැසුම සහනාධාරයට ලියාපදිංචි වූ ඔබේ අසල්වැසියන් ලැයිස්තුව මෙන්න

3 years ago

“අස්වැසුම” සහන දීමේ ව්‍යාපෘතිය යටතේ සහන දීමනා ලබා දීමේ සංගණනයේ තොරතුරු මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔබගේ ප්‍රදේශයේ අස්වැසුම සහන ලබා ගැනීමට ලියාපදිංචි වී ඇති අය බැලීමට වෙබ් අඩවියක්ද විවෘත කර තිබෙනවා.

ඔබේ ප්‍රදේශයේ සහනාධාර ලබා ගැනීමට ලියාපදිංචි වී ඇති පිරිස් පිළිබඳ විස්තර ඔබට මෙම වෙබ් අඩවිය ඔස්සේ බලා ගැනීමට හැකියාව පවතිනවා.

ඒ අනුව සහනාධාර ලැබීමට එම පුද්ගලයින්ගේ පවතින සුදුසු හෝ නුසුදුසු තාවය පිළිබඳව ඔබට තීරණය කළ හැක.

මෙම ලැයිස්තුව බැලීමට මෙතනින් පිවිසෙන්න

මෙහි ඔබට අවශ්‍ය පළාත මුලින්ම තෝරා ඉන් පසුව දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් වසම සහ ග්‍රාම නිළධාරි වසම තෝරන්න. ඉන් පසුව ඔබට අවශ්‍ය භාශාව තෝරන්න.  අවසානයේ View Registry යන තැන click කරන්න.

සැබවින්ම මෙම සහනාධාරය ලැබීමට අවශ්‍ය අයෙකුව නොසළකා හැර ඇත්නම් ඒ සඳහා නැවත අභියාචනා දැමීමට මෙන්ම නුසුදුසු අයෙකුට මෙම සහනාධාරය ලැබෙනවා යැයි සිතන්නෙ නම් ඔවුන්ට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කිරීමටද අවස්ථාව දී ඇත.

ඒ සම්බන්ධයෙන් ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසා දැනුවත් විය හැක.