“Colombo Tattoo” කලා උළෙලේ සංවිධාන කටයුතු පිලිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් කලාකරුවන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
ශ්‍රී ලංකාව කෙරෙහි විදෙස් සංචාරක ආකර්ෂණය ලබාගැනීමට මෙන්ම ශ්‍රී ලාංකික සංස්කෘතික අංග විදෙස් රටවල් වලට විදහාපෑම මෙහි ප්‍රධාන අරමුණ වන අතර එළඹෙන අගෝස්තු මසදී මෙම කලා උළෙල පැවැත්වීමට සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාවේ දේශීය කලා ,සංගීත හා සංස්කෘතික අංගවල විශිෂ්ටතම සැමරුම් විදහාපාන “Colombo Tattoo” කලා උළෙල ජනාධිපති කාර්යාලය හා රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් සංවිධානය කරයි.

