Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව විදුලි ගාස්තු පහත දැමීම

ඔබත් දරාගත නොහැකි විදුලි බිලකින් පීඩා විඳින්නෙක්ද…. එහෙනම් අදම මෙම පියවර අනුගමනය කරන්න….

3 years ago

වසර දහයකට වඩා පැරණි ඇතැම් ශීතකරණ භාවිතයේදී මාසයකට විදුලි ඒකක 100ක් පමණ වැයවන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.

එමෙන්ම, පැරණි රූපවාහිනී යන්ත්‍රවලටද වොට් 80ත් 120ත් අතර විදුලි ධාරිතාවක් වැය වන බවත්, නවීන තාක්ෂණයෙන් සකස් කරන ලද එල්.ඊ.ඩී. රූපවාහිනී යන්ත්‍ර භාවිතයේදී වැය වන්නේ වොට් 40ක පමණ විදුලි ධාරිතාවක් බවත් එම අධිකාරිය පවසයි.

පැරණි ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර භාවිතය නිසා මාසිකව විශාල මුදලක් විදුලි බිලට වැය කිරීමට සිදුවන බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ මහතා පැවසුවේය.

පැරණි ශීතකරණය ලබාදී නව ශීතකරණයක් මිලදී ගැනීමට කටයුතු කරන්නේ නම් මාසයකට ඒ සඳහා වැය වන්නේ විදුලි ඒකක 30ක පමණ ප්‍රමාණයක් බවද ඔහු පවසයි.

විදුලි ගාස්තු සංශෝධනයත් සමග මෙරට නිවාස මිලියන දෙකක පමණ මාසික විදුලි බිල රුපියල් 4000 ඉක්මවා ඇතැයි අනාවරණය වේ.

විදුලි ගාස්තු සංශෝධනයට පෙරදී මෙම නිවාසවල මාසික විදුලි බිල රුපියල් 200ත් 300ත් අතර වූ බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.