Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට නැවත බලය හිමිවන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

3 years ago

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන (මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ) නැවත සක්‍රිය කිරීමට පළාත් පාලන අමාත්‍යවරයාට බලය ලබා දීමේ පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

පුද්ගලික යෝජනාවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් මෙම කෙටුම්පත ජුනි 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම කෙටුම්පතට අනුව විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ම නැවත එම බලය හිමි වන අතර විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනයක් පාළාත් පාලන අමාත්‍යවරයාට කැමති ලෙස ඕනෑම කාලයක් දීර්ඝ කළ හැකි වෙනවා.