නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නාවලපිටිය මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ පසුගිය 27 වනදා දහවල් කාලයේ අදාළ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
9 හැවිරිදි දරුවෙක් මෙලෙස මියගොස් ඇත්තේ සාරියකින් බැඳ තිබු තොටිල්ලක ගෙල සිරවීමෙන්. පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවයි.

