ආබාධ තත්ත්වය පුර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අහිමිවී තිබේ.
ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ තරග සඳහා දුෂ්මන්ත චමීර එක් නොවූ අතර ඔහුව සුපිරි හයදෙනාගේ වටයේදී නැවත කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව සූදානමින් සිට තිබුණි.
නමුත්, චමීරගේ ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඉදිරි තරග සඳහාත් සහභාගීවිය නොහැකි බව වාර්තා වෙයි.
ඒ අනුව දුෂ්මන්ත චමීර යළි දිවයිනට පැමිණීමට නියමිත අතර ඒ වෙනුවට මේ වනවිට සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ඩිල්ෂාන් මධුෂංඛ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගී වන පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව හෙට (30) පැවැත්වීමට නියමිතය.

